මේ තමයි ලෝකයේ පැරණිතම ලී පාලම මේක තියෙන්නේ බදුල්ල හාලි ඇල ප්‍රදේශයේ.“බෝගොඩ ලී පාලම“ කියන්නේ මේ පාලමට. ලී වහලයක් සහිත ලංකාවේ එකම පාලම සහ ඇණ භාවිතයෙන් තොරව ලෝකයේ ඉදිකරපු පැරණිතම ලී පාලම විදිහට මේ පාලම සැලකෙනවා.
මේක මහනුවර කාලේ හදපු එකක් කියලා තමයි කියන්නේ. මහනුවර යුගයේ ගොඩානැගිලි වල ලක්ෂණ මේ පාලමේ තියෙන එකෙන් ඒ්ක තවත් පැහැදිලි වෙනවා . ගල්ලන්ද ඔය හරහා දාපු විශාල ලී කඳන් දෙකක් බාවිතා කරමින් තමයි පාලම නිර්මාණය කරලා තියෙන්නේ. තවත් විශේෂත්වයක් වන්නේ මෙහි ඇති අඩි අටක පමණ උසින් යුතු ලීයෙන් කල වහලයි. මහනුවර යුගයට නෑකම් කියන කැටයමින්ද සමන්විත පියස්ස පෙති උළු වලින් අලංකරණය කරලා තියෙනවා. ඒ් කාලේ මේක එක ඇණයක් වත් ගහන්නේ නැතුව ශක්තිමත් දැව මූට්ටු වලින් හදලා තියන්නේ. හැබැයි දැන් ආරක්ෂා කරගන්න විවිධ යකඩ උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා.
හාලිඇල වැලිමඩ පාරේ 11km විතර ගියාම ජගුල්ල හංදියට එන්න පුළුවන් එතනින් වම් පැත්තට තියෙන පාරේ තව 2.5km විතර ගියාම බෝගොඩ විහාරයට ලඟා වෙන්න පුළුවන් (මාර්ගය ගැන මේ විදිහට ටිකක් විස්තර ඇතිව කියන්න හේතු උනේ ගොඩක් අය මාර්ගය හරියටම දන්නෙ නැති නිසා). බෝගොඩ විහාර භූමියේ ගල්ලන්ද කියන ඔය උඩින් තමයි බෝගොඩ පාලම ඉදි කරල තියෙන්නේ.
පාලම නිර්මාණය කරන්න ගස් වර්ග 5ක ලී යොදාගෙන තියෙනවා. ඒ තමයි කොස්, කුඹුක්, කළුවර, මිල්ල, මිල් කියන ගස් වර්ග. අඩි 30ක් විතර උස කුඹුක් කඳන් උඩ තමයි පාලම ඉදි කරල තියෙන්නෙ. පාලම ඉදි කිරීමට ප්‍රධනම හේතුව වෙලා තියෙන්නෙ බදුල්ලෙ ඉඳන් මහනුවරට යන්න තියෙන කෙටිම මාර්ගය මේක වීම.බෝගොඩ පාලමේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි උලු වලින් හදල තියෙන වහලය. මේ වහලය හදල තියෙන්නේ සෙවන සඳහාත්, වැස්ස වගේ උවදුරු වලින් ආරක්ෂා වෙන්නත්.
පාලම ඉදි කිරීම එක්ක විවිධ ජනකථා බැඳී තිබෙනව. පාලම ඉදි කිරීම සිදු කරල තියෙන්නේ එක්තරා පියෙක් හා පුතෙක්. පුතාට පාලමේ අවසන් වැඩකොටසක් කරල එතනටම වෙලා ඉන්න කියල තාත්තා වෙන වැඩකට ගිහින් තියෙනව. හැබැයි පාලමේ චාරිත්‍ර වලට අනුව කළයුතු අවසන් වැඩකොටසකුත් තිබිල තියෙනවා. ඉතින් ඒ වැඩටික පුතාට කරන්න එපා කියලයි තාත්තා පිටවෙලා ගිහින් තියෙන්නේ මොකද පුතාට ඒ චාරිත්‍ර ගැන වැඩි දැනීමක් නැතිනිසා.ඒත් පුතාට පාලමේ වැඩනිම කරන්නට තිබුනු හදිසිය නිසා අර තාත්තා එපා කියල ගිය වැඩකොටසත් නිම කරල ඉදිරියට ගිහින් තියෙනවා පියාව මුණගැහෙන්න. ඒත් චාරිත්‍ර වලට අනුව පාලම නිම කරන්න නොහැකි වීම නිසා පුතාට ශාපයක් වැදිල අකාලයේ මිය ගිහින් තියෙනවා.
මේ පාලම කිට්ටුවෙන් තියෙන බෝගොඩ විහාරයත් පෞරාණික එකක් . මේ විහාරයේ බුදුමැදුර ගොඩනඟල තියෙන්නෙත් වහලය විදිහට ගල් පර්වතයක් යොදාගෙන.
බුදුමැදුරත් එක්කම දකුණු පසින් ගුහාවක් දකින්න පුළුවන් මේ ගුහාව ඌවේ ප්‍රාදේශීය පාලකයකු වෙච්ච බ්‍රහ්මදත්ත කියන නරපතියා විසින් වළගම්බා රජතුමාට පිළිගන්වල තියෙනවා. වළගම්බා රජතුමා ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් මිදිල අවුරුදු 2.5 ක් විතර මේ ගල් ගුහාවේ සැඟවී ඉඳල තියෙනව. ගල් ගුහාවත් එක්කම උමඟක් දකින්නට පුළුවන්. ඔය උමඟ දිගේ දෝව රජමහ විහාරයටත්, නාරංගල කන්දටත් , රුවන්වැල්ලටත් යන්න පුළුවන් බවයි දැනගන්න ලැබුනේ. දැනටත් මේ උමඟ විවෘතව තිබුනත් වවුලන් නිසාත්, අඳුර සහ දුගඳ නිසාත් මීටර කීපයකට වඩා ඉදිරියට යන්න බෑ.
ඊළඟ පාර බදුල්ල, බණ්ඩාරවෙල ඇල්ල පැත්තේ යනවා නම් අමතක නොකර මේකත් බලන්න
@awidimu team
Cities you must explore this summer
Popular exclusive listings in our directory