ඇල්ල කියන්නේ හැමෝම යන්න ආස කරන පැත්තක්. ඇඟට පතට දැනෙන දේශගුණය වගේම රාවණ ඇල්ල , ආරුක්කු 9 පාලම, ඇල්ල රොක්, වාගේ සංචාරක ස්ථාන ගණනාවක් ඇල්ල ආශ්‍රිතව පිහිටලා තියෙන නිසා බලන්න ඇවිදින්න විඳින්න දේවල් ගොඩාක් ඇල්ලෙ තියෙනවා.
ඔයා ඊළග නිවාඩුව ගත කරන්න යන්න ඇල්ල තෝරා ගන්නවා නම් ගිහිල්ලා නවතින්න පුළුවන් මරු තැනක් තමයි මේ Area 4: Eco Cubes කියන්නේ. මේ සුන්දර නවාතැන හරි අමුතු විදිහට හදලා තියෙන එකක්. මෙතන Cottages 5ක් තියෙනවා. එකක් පොළවේ ඉඳලා උසින් වටපිටාව පේන විදිහට හදලා තියෙන හදලා තියෙන BERMUDA HOUSE එක. ඒ්ක ත්‍රිකෝණාකාර ආකෘතියකට හදලා තියෙන්නේ. වටපිටාව පේන්න සම්පූර්ණයෙන් වීදුරු වලින් තමයි මේකේ ඉදිරිපස හදලා තියෙන්නේ. අනික් Cottages 4 ම කන්ටේනර් පාවිච්චි කරලා ආකෘති දෙකකට හදලා තියෙන්නේ. ඒ්වා නම් කරලා තියෙන්නේ STUDIO CUBE සහ MINI CUBE විදිහට. මේවගේ පහසුකම් එකිනෙකට වෙනස්.
මේ සුන්දර නවාතැන තියෙන්නේ ඇල්ල නගරයේ ඉඳලා කිලෝමීටර් 9ක් දුරින් ඇල්ල වැල්ලවාය පාරේ. මෙතනට රාවණා ඇල්ලේ ඉඳලා කිලෝමීටර් 3යි. ගහකොළ සහ කැලෑවට මුල් තැනක් දීලා හදලා තියෙන මේ Area 4: Eco Cubes ඔයාගේ ඊළඟ නිවාඩුව ගත කරන්න අවශ්‍ය ක්‍රියාකාරකම් රැසකින් සමන්විත වෙනවා. ATV ride එකක් දාන්න, හාත්පස වටපිටාව විඳින්න මෙතන නියම තැනක්.
මෙතන මිළ ගණන් මෙහෙමයි
Studio Villa | 18,000 FB
Mini Villa | 14,000 FB
Bermuda Villa | 14,000 FB
ඔය දෙන්නගේ ඊළඟ නිවාඩුවට මෙතන වෙන් කරගන්නවා නම් කථා කරන්න 0767317257 ට
Cities you must explore this summer
Popular exclusive listings in our directory