කොළඹ ඉඳලා ලේසියෙන්ම යන්න පුළුවන් නිස්කලංක තැනක් තමයි මේ. මේ Bungalow එක තියෙන්නේ අළුත්ගම දර්ගා ටවුන් කිට්ටුව. කොළඹ ඉඳලා බැලුවම පැයකට අඩු කාලයකින් මෙතනට යන්න පුළුවන්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ යනවා නම් කොට්ටාවේ ඉඳලා විනාඩි 45 ක් වගේ වෙලාවක් යන්නේ.මේකට යන්න high way එකේ ගිහිල්ලා වැලිපැන්න exit එකෙන් එළියට දාලා අළුත්ගම පැත්තට ගියාම. හරියටම වැලිපැන්න exit එකේ ඉඳලා කිලෝමීටර් 6ක් විතර තියෙන්නේ මේ බංගලාවට.
තෙරක් පෙන්නේ නැති විශාල වගුර බිමකට යාබදව තියෙන මේ Bungalow එකේ කාමර 4ක් තියෙනවා. මේ කාමර වල King Size එකේ ඇඳක් ගානේ තියෙනවා. ඒ කියන්නේ පහසුවෙන් 12 දෙනෙකුට නවතින්න පුළුවන්. . සියලුම කාමර වල mini fridge, A/C ඇතුළු සියලු පහසුකම් තියෙනවා. මේ බංගලාවේ තියෙනවා Swimming pool එකක්. ඒකේ ගැඹුරු නැති පැත්ත පුංචි අයටත් පාවිච්චි කරන්න පුළුවන් නිසා පවුලේ කට්ටිය එක්ක මෙතනට ගියත් අවුලක් නෑ. . අතෑරලා දාපු වෙල් යායකට මුහුණ ලා හදලා තියෙන මේ බංගලාව පිහිටලා තියෙන්නේ කුරුළු සද්ද ඇහෙන හොඳට හුළං හමන ගහකොළ වලින් පිරිච්ච නිස්කලංක පරිසරයක.
මේ බංගලාව වෙන් කරගන්නවා නම් එක දවසකට රාත්‍රියක් ඇතුළුව රුපියල් 20000/= ක් වෙනවා. කෑම වලට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ටික අරං ආවම මෙතන ඉන්න කෝකියෙකුට කියලා හදවා ගන්න පුළුවන්. ඒකට රුපියල් 3000/= ක වගේ cooking charge එකක් ගන්නවා තුන් වේලම උයලා දෙන්න. අක්කර එකහමාරක් විතර විශාල ඉඩමක මේ බංගලාව පිහිටලා තියෙන නිසා කට්ටිය එක්ක සිංදුවක් කියලා නටලා විනෝද වෙන්න අවශ්‍ය තරම් ඉඩකඩ ඕන තරම් තියෙනවා. කට්ටියට එකතු වෙලා සෙල්ලම් කරන්න මෙතන හොඳට ඉඩ තියෙනවා.
අනික් පැත්තෙන් බැලුවම මේක Day Outඑකකටත් මරු. උදේ ඇවිල්ලා දවසක් ගත කරලා යන Day out Package එකක් මෙතන ක්‍රියාත්මකයි. ඒකට 10 දෙනෙකුට වැඩි Team එකක් ඉන්න ඕන. එක්කෙනෙකුට රුපියල් 3000/-යි. මේ Day out Package එකට Welcome Drink, Lunch, Evening snacks සහ Swimming pool එක වගේම Changing room එකකුත් ඇතුළත් වෙනවා. Drinks වලට Liquor අරං එන්න පුළුවන් ඒකට අමතර ගාස්තුවක් නෑ. Bites අවශ්‍ය දේවල් අරං ආවොත් 2000/= ක Cooking charge එකක් ගෙවලා හදාගන්න පුළුවන්. දවසකටම දාන්නේ කලින් Book කරන Team එක විතරක් නිසා එන කාගෙවත් නිදහසට බාධාවක් වෙන්නේ නෑ. කට්ටියම එකතු වෙලා හොද Fun එකක් ගන්න මෙතන නියම තැන. මේක වෙන් කරගන්නවා නම් කථා කරන්න 0759596161 න් awidimu hotline එකට.
@teamawidmu
Popular exclusive listings in our directory