සීතල කඳුකරය කියන්නේ කාගෙත් හිත ගන්න තැනක්. හැමෝම නිවාඩුව ගත කරන්න සීතල කඳුකරයට යන්නේ සුවදායක දේශගුණය නිසා. එහෙම විවේකය ගතකරන්නත් සුදුසු නිදහස් තැනක් තියෙන්න ඕන. එහෙම නැත්තං නිවාඩුවේ නිදහස ඉවරයි. නුවරඑළිය ගැන කිව්වම සමහර අය කියන්නේ නුවරඑළිය සීතල වැඩියි කියලා. එහෙම හිතන අයට යන්න පුළුවන් තැනක් ගැන තමයි මේ .මේ සුන්දර බංගලාව තියෙන්නේ හැටන් වල කඳු මුදුනක.
හැටන් කොළඹ පාරේ තියෙන මේ බංගලාව නිදහස ගත කරන්න නියම තැනක්. සීතලට ඔරොත්තු දෙන විදිහට තේ කඳුමුදුනක හදලා තියෙන මේ බංගලාවේ එකපාර 15 දෙනෙකුට විතර ඉන්න පුළුවන්. කාමර 5ක් තියෙනවා. මුලු බංගලාවම රුපියල් 20,000/= ක් වගේ වෙන්නේ එක රැයකට. කෑම ටික මෙතන ඉන්න කෝකියාට දීලා හදාගන්න පුලුවන් ඒ්කට තුන්වේලටම යන්නේ 3000/= ක් වගේ Cooking charge එකක්. ගාණේ හැටියට පාඩු නෑ. ඕන තරම් ඉඩකඩ තියෙනවා නවතින්න. අවශ්‍ය කෑම බීම කැමති විදිහට හදවා ගන්න පුළුවන් නිසා කෑම බීම ගැන කිසි ප්‍රශ්නයක් නෑ. සීතල කඳු මුදුනක ඉඳලා කෝපි කෝප්පයක් බොන්න කියාපු තැනක් මේ. ඉස්සරහ තියන කන්ද දිගේ උඩරට මැණිකේ කෝච්චිය යන හැටි හරි ලස්සනට දකින්න පුළුවන් මෙතනදි.
මේ බංගලාවේ හැම කාමරයකම උණු වතුර පහසුකම් තියෙනවා.ඒ නිසා සීතල ගැන වදවෙන්න දෙයක් නෑ. මෙතන ඉඳලා නුවරඑළියට යන එකත් හරි ලේසියි.ඒ නිසා නුවරඑළියේ සංචාරයට යන ගමනේදි නතරවෙන්න මේක නියම තැනක්. මොකද අපි දන්නවා නුවරඑළිය කාර්යබහුලයි. හැබැයි මේ පැත්තට එනකොට කාර්ය බහුල බව අඩුයි පුදුම නිදහසක් තියෙන්නේ. කඳු මුදුනින් ගලා එන ස්වාභාවික වතුරේ සුවය විඳින්න පුළුවන් Swimming pool එකකුත් මේකෙ තියෙනවා. ඒ් නිසා නිවාඩු පාඩුවේ යාළුවෝ සෙට් එක එක්ක ගිහිං එන්න. පවුලේ කට්ටිය එක්ක යන්න මෙතන නියම තැනක්
මේ බංගලාව වෙන් කරගන්නවා නම් දීලා තියෙන Calender එකේ ඔයාට අවශ්‍ය දිනය Click කරන්න. නැත්තං ඇවිදිමු අපිට කථාකරන්න. 0759596161 න්. අපිට පුළුවන් බංගලාව වෙන්කරවලා දෙන්න ඔයාගේ නිවාඩුව වෙනුවෙන්. ඊළඟ නිවාඩුවට සීතල කඳුකරයට යනවා නම් මෙතන තමයි නවතින්න කියාපු තැන.
@Team awidimu
Cities you must explore this summer
Popular exclusive listings in our directory
Address
Awissawella road
Watawala
Checkin Checkout
12.00 pm - 10.00 am
Phone
awidimusrilanka@gmail.com